Life
තක්කාලි රෝග ගනනාවකින් වැළකී සිටීමට උපකාරීවේ
අප බොහෝ දෙනා ගිනියම් ආහාරයක් සේ සලකනු ලබන තක්කාලි හෘදය වස්තුවෙහි,
අස්ථිවල, නිරෝගී භාවය සුරකින, පිළිකා නාශකයක් ලෙස බටහිර පර්යේෂකයන්
විසින් මේ වන විට සිය පර්යේෂණවලින් සනාථ කර තිබේ.
තක්කාලි විටමින්
වර්ග වන ඒ. ඊ. සී. කේ. බී-6 ෙµdaලේට්, නයසින් හා බයොටින් යන ද්‍රව්‍ය
යහමින් අඩංගු, කොපර්, පොටෑසියම්, මැග්නීස්, තන්තු හෙවත් ෆයිබර්,
පොස්පරස්වලින් අනූන වූ ආහාරයකි.
තක්කාලිවල ක්‍රෝමියම්, පැන්ටොතනික් අම්ලය, ප්‍රොaටීන්, කෝලීන්, සින්ක්, යකඩ යන ද්‍රව්‍යයන්ද අන්තර්ගතව පවතී.
තක්කාලි
ආහාරයට එක්කර ගැනීමෙන් හෘදය වස්තුවෙහි නිරෝගී බව සුරැකීමට අමතරව
කොලෙස්ටරෝල් මට්ටම විශේෂයෙන්ම එල්ඩීඑල් කොලෙස්ටරෝල් හා
ට්රයිග්ලිසරයිඩ්ස් මට්ටම අඩු කර ගැනීමට උපකාරී වන බව පර්යේෂණවලදී තහවුරු
වී තිබේ.
ආහාරයට ගැනීමේදී තද රතු පැහැති තක්කාලි මෙන්ම තැඹිලි, කහ යන වර්ණයන්ගෙන් යුතු තක්කාලි තෝරා ගැනීම යෝග්‍ය බව පර්යේෂකයන්ගේ මතයයි.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks